අලුත් හයට අලුත් වැඩක්

හර්මන් මයිනර් විද්‍යාලය සිය ” Digital ඉස්කෝලේ ” සන්නාමය සමඟ තොරතුරු තාක්ෂණ අංශයෙන් ජාතික මට්ටමේ නිර්මාණ රැසක්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දී ඇති පාසලකි. 2026 වසරේ ක්‍රියාත්මක වීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වන ශ්‍රේණියට ඉගැන්වීම් සිදු කිරීමට නියමිත ගුරුභවතුන් සඳහා තොරතුරු තාක්ෂණයත්, කෘතිම බුද්ධියත්, ඉගෙනුම් කළමණාකරණ පද්ධතියත් (LMS) පිළිබඳව පුහුණු සැසියක් දෙසැම්බර් 09 වනදා විද්‍යාලයීය පරිගණක ඒකකයේදී පැවැත්විණි.
පිළියන්දල කලාපයේ විවිධ පාසල්හි ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන් 600 කට අධික ප්‍රමාණයකටද කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදා ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවක් හර්මන් මයිනර් විද්‍යාලයේ පරිගණක ඒකකය විසින් මේ වන විට ලබා දී ඇති බව සතුටින් සඳහන් කරමු.
විද්‍යාලයේ විදුහල්පතිනි ගයත්‍රි දිල්රුක්ෂි මහත්මියගේ සංකල්පයක් අනුව “අලුත් හයට අලුත් වැඩක්” යන මැයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන් මාලාව මඟින් 2026 ජනවාරි සිට පන්තිකාමර අධ්‍යාපනයේදී නැවුම් ඉගෙනුම් අත්දැකීමක් විද්‍යාලයේ දූ දරුවන්ට ලබා ගත හැකි වනු ඇත.
මෙම වැඩපිළිවෙළ සඳහා විද්‍යාලයේ දියුණුව පතන ඔබ සියලු දෙනාටත් සහයෝගය ලබා දිය හැකිය.
