Step to Smart Education

2026 වසර සඳහා පාසලේ අධ්‍යාපන සංවර්ධනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා යෝග්‍ය පන්තිකාමර  වටපිටාවක් සකස් කිරීම සඳහාත් වූ ගරු විදුහල්පතිතුමියගේ සංකල්පය අනුව අප විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව භාර ආචාර්ය චාන්දනී ජයරත්න ගුරුතුමියගේ සම්බන්ධීකරණයෙන් Grit Logistic pvt Ltd ආයතනය විසින් අද දිනයේදී (2025.12.01)විද්‍යාලයට ස්මාට් ටීවී යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. මෙම රූපවාහිනී යන්ත්‍රය 2026 ජනවාරි මස සිට නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන්ට අන්තර්ජාල පහසුකම සහ විද්‍යාලයීය LMS පහසුකම සහිත නව්‍ය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙනු ඇත. මේ සඳහා ඉතා උනන්දුවෙන් සම්බන්ධීකරණය සිදු කොට මෙම ස්මාට් රූපවාහිනී යන්ත්‍රය අප විද්‍යාලයට ලබා ගැනීම සඳහා කටයුතු කළ චාන්දනී ජයරත්න ගුරුතුමියට ⁣විද්‍යාලයේ ස්තුතිය පළකර සිටී. එමෙන්ම විදුහල්පතිතුමියගේ සංකල්පය වඩාත් යථාර්ථවාදී කරගැනීම පහසු කරගැනීම සඳහා අනුග්‍රහය ලබා දුන්  Grit Logistic pvt Ltd ආයතනටද අපගේ ගෞරවය හිමි වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2026 – Hermann Gmeiner School | All Right Reserved